‌වේවැල්දෙණිය මහා විද්‍යාලය

‌වේවැල්දෙණිය

නිර්මාතෘවරු

වාර විභාග ඉදිරියේදී..

WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg
WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg
D.A. සෝමවර්ධන මහතා R.H.G.කරුණාසේන මහතා D.A. රාජපක්ෂ මහතා K.K. කරුණාරත්න මහතා

 

පාසලේ ආරම්භක සිසුන් ප්‍රමාණය හා පාසලේ නිර්මාතෘවරු.

වර්ෂ 1954 මැයි මස 14 වන දින ආරම්භ කරණ ලද මෙම පාසලෙහි පළමුවෙන්ම ළමුන් 14 දෙනෙකුගේ ඇතුලත් වීමෙන් ආරම්භ කරන ලදි.

එසේම මෙම පාසලෙහි ප්‍රථම විදුහල්පතිවරයා වූයේ එවකට මීරිගම ප්‍රාථමික විදුහලේ උප ගුරුවරයෙකු වශයෙන් මෙන්ම ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් වරයා වශයෙන් ද ද කටයුතු කළ ඩී.ඒ සෝම ර්වර්ධන මහතාය. 1000

මේ අතර මෙම පාසල ආරම්භ කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම ක්‍රියා කරන්නට යෙදුනේ මීරිගම සාසන වර්ධන පිරිවෙනේ පරිවෙනාධිපති , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ ආශිර්වාදය හා මග පෙන්වීමද ඇතිව කේ.ජී ජයසේකර රාලහාමි මහතාගේ තුත්තිරිහේන නම් වූ (වත්මන් පාසල පවතින ස්ථානය) ඉඩම පරිත්‍යාගයද හේතුවෙන් රාජ්‍ය අනුග්‍රහයද ඇතුව ග්‍රාම සංවර්ධන සමිතියේ හා ප්‍රදේශවාසීන්ගේ ද නොමද සහයෝගය ද ඇතුව මෙම පාසල ආරම්භ කරන ලදී.