‌වේවැල්දෙණිය මහා විද්‍යාලය

‌වේවැල්දෙණිය

පාසලේ ඉතිහාසය

වාර විභාග ඉදිරියේදී..

WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg
WhatsApp Image 2024-07-21 at 13.24.05_bbde3a38.jpg

මේ කාලයේ වැඩිහිටි පිරිමි ළමුන් සඳහා පිරිමි විද්‍යාලයක අවශ්‍යතාවය ගම්වාසීන්ට තදින්ම දැනිණ. මේ අනුව වේවැල්දෙණිය ග්‍රාම සංවර්ධන සමිතියේ මුලිකත්වය ඇතිව ගම්වාසීන් විසින් 1954 මැයි 14 වැනි දින කේ. ජී ජයසේකර රාලහාමිගේ තුත්තිරිහෙන ලෙස හැඳින් වූ වර්තමාන පාසල ඉදිරිපිට පොල්වත්තේ තාවකලිකව අතු සෙවිලි කළ ශාලාවක් තනා මෙම.

පාසල ආරම්භ කරන ලදී. ආරම්භක දිනයේ ළමුන් 14 දෙන ඇතුළත් වූ අතර ඊට අවශ්‍ය ඩෙස් පුටු ආදිය මීරිගම ප්‍රාථමික විද්‍යාලයෙන් තාවකාලික ලෙස ගෙන එන ලදී. එවකට මේ රිගම ප්‍රාථමික විදුහලේ උප ගුරුවරයෙකු වුත් ග්‍රාම සංවර්ධන සමිතිය ලේකම්වරයා වූත් ඩී. ඒ සෝම වර්ධන මහතා මෙහි ආරම්භක එකම ගුරුවරයාත් විදුහල්පතිවරයාත් විය. එසේම මීරිගම ශාසන වර්ධනය පරිවෙණාධිපති සමස්ථ ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් වහන්සේ මෙම විද්‍යාලය ආරම්භ කිරීමටත්, ලියාපදිංචි කිරීමටත්, පෝෂණය කිරීමටත්, ගත් වෙහෙස අපමනය. 1954 වන විට සිසුන් 100 ඉක්මවා ඇත. හාල්පන්කන්දේ අක්කර 02 පමණ වූ රජයෙන් භූමි භාගයක් පාසල ඉදිකිරීම සඳහා වෙන් විය. ඒ අනුව ග්‍රාම සංර්වර්ධන සමිතිය රුපියල් 400.00 මුදලක් යොදාගෙන 80×20 ගොඩනැගිල්ලක් ගම්වාසීන්ගේ සහාය ඇතිව ඉදිකොට ඇත. පාසල ආරම්භ කොට වසර 10 ක් පමණ ගත වූ පසු ශිෂ්‍ය සංඛ්‍යාව 508 ක් පමණ විය. මෙවැනි සීඝ්‍රයෙන් වර්ධනයක් කරා ගමනක් ආරම්භ කළා නියමුවා වන ඩී ඒ සෝම වර්ධන මැතිතුමා 1960 දී විද්‍යාලයෙන් සමුගෙන ඇත. 1964 වසරේදී නව විදුහල්පති ලෙස ඊ.එච්. ඒ කරුණා සේකර මහතා පත් වූ අතර ආචාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විත විය. 1980 වර්ෂයේ දී විදුහල් ඉතිහාසය තුළ රන් අකුරින් වාර්තාව පිහිටුවමින් අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා 12 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 04 දෙනකු විශ්ව විද්‍යාලය සඳහා තේරී පත්විය. ඉතිරි අටදෙනාම විභාගය සමත් වීමද විශේෂත්වයකි. මෙම පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් මෙය

දියුණු කිරීමට බොහෝ අවස්ථා වලදී උත්සාහයන් ගත්ත ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහසුකම් සහිත නගරබද පාසල් කරා ඇදී යාම හේතුවෙන් ඔවුන්ගේ උත්සාහයන් නිෂ්ඵල වෑයම් බවට පත් විය.

1994 වර්ෂය වන විට පාසල ආරම්භ 40 කොට වසර ක කාල පරිච්ජේදයක් ගත වූ තැන පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 303 ක් විය. මින් 08% කතෝලික ශිෂ්‍යයෝ වූහ. ඇදුරු මඩුල්ල 20 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එවකට විදුහල්පති වුයේ ඇලෝසියස් ජයකොඩි මහතා ය. 1954 වර්ෂයෙන් ගමන් ඇරඹූ වේවැල්දෙණිය කනිෂ්ට විද්‍යාලය 1994 වන විට බොහෝ දුෂ්කරතාවයන් මැද ශිෂ්‍ය ශිෂ්‍යාවක් කරන ලද විවිධාකාරයේ ජයග්‍රහණයන් තුළින් මහා විද්‍යාලයක් බවට පත්ව ඉතිහාස පොතට නව පිටුවක් එක් කිරීමට සමත් විය.

 

ආරම්භ කළ වර්ෂය

1954 මැයි 14

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

14

මුල් ගුරුතුමාගේ නම

D.A. සෝමවර්ධන මහතා

පාසලේ ආදි කතෘගේ නම

D.A. සෝමවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

වේවැල්දෙණිය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

D.A. සෝමවර්ධන මහතා

පාසල රජයට පවරාගත් දිනය

1954 මැයි 14

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1954 මැයි 14